ශලනි තාරකා මේ තරමටම සුදු ඇඳුම් අඳින හිතාගන්න බැරි හේතුව මෙන්න - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ශලනි තාරකා මේ තරමටම සුදු ඇඳුම් අඳින හිතාගන්න බැරි හේතුව මෙන්න - (PHOTOS)

ශලනි තාරකා මේ තරමටම සුදු ඇඳුම් අඳින හිතාගන්න බැරි හේතුව මෙන්න - (PHOTOS)

ශලනි තාරකා කියල කියන්නේ අපේ රටේ ඉන්න කොයි කවුරුත් හදුනන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇයව ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න සම්මානලාභී වගේම සුරූපී රංගන ශිල්පිනියක හැටියට අපට හදුන්වන්න පුලුවන්. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබුණා. එලෙස අදහස් දක්වපු ඇය ඇගේ විලාසිතාවන් ගැන කතා බහ කරලා තිබුනේ මෙලෙසයි...

 

ඉතින් ඇය හිතන්නේ ෆැෂන් කියන්නේ අපිව ලස්සනට තියන උපකාරී වන පැකේජ් එකක් කියලලු. ඒක ඇඳුම් වල විතරක්ම නෙමෙයි තියෙන්නේ, අපි කතා බහ කරන විදිහ, අඳින පළඳින විදිය, ඇවිදින විදිහ, බාහිර පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරන විදිහ, කන බොන විදිහ, කොන්ඩ මොස්තර කරන විදිහ, මේ හැමදේම ෆැෂන් ඇතුලෙ තියෙනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ගැලපෙන විදිහට ෆැෂන් කලහම හිතට මහ අමුතු ගැමක් ආත්ම විශ්වාසයක් දැනෙනවාලු.

 

 

ඒ වගේම ශලනි කියන්නේ ඇය හරිම ආසයිලු පිළිවෙළට, පිරිසුදුව ගැළපෙන විදියට අඳින්න. ඒ වගේම ඇය කියන්නේ ඉහළම වෙළඳ නාම යටතේ මුදලින් වැඩිම ඇඳුම් තෝරා ගන්නවා කියලා දෙයක් නම් ඇයගේ චොයිස් එක ඇතුලේ නැහැ කියලයි. ඒ වගේම ඇය කියන්නේ විලාසිතාවක් තෝරා ගනිද්දි යන තැන, යන වෙලාව ගැන ගොඩක්ම සැලකිලිමත් වෙනවා කියලයි. තවද ශලනි කියන්නේ පන්සලකට මළ ගෙදරකට යන විදියට උත්සවයකට යන්න බැහැනේ කියලයි.

 

කොහොම නමුත් මේ ආකාරයට අදහස් දක්වපු ඇය කියන්නේ වයසත් එක්ක අපි විලාසිතා කරන විදිය වෙනස් වෙනවා කියලයි. ඒ වගේම පුංචි කාලයේදී කොණ්ඩ දෙකක් බැඳලා ලස්සන පුංචි පුංචි ඇඳුම් අදින්න ආසයි කියන ඇය කියන්නේ නව යොවුන් වියට එනකොට අපි අපේ ලස්සන, අපේ ඇඟේ හැඩය, සමේ පාට ඉස්මතු වෙන විදිහට විලාසිතා කරන්න පුරුදු වෙනවා කියලයි. එපමණක් නොවෙයි ඇය කියන්නේ වයස අවුරුදු තිහක් හතළිහක් වෙනකොට විලාසිතා කරනකොට අපි බොහෝ දේවල් ගැන හිතන්න පුරුදු වෙනවා කියලයි. ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඇය කියන්නේ සමහර වෙලාවට ඒ වයසේදී විවාහ වෙලා මවක්, බිරිඳක් විදිහට ඉන්නවා නම් අපි කරන විලාසිතා තවත් වෙනස් වෙනවා කියලයි.

 

 

කොහොමහරි ඉතින් හැම පාටකටම ඇදුම්වලට කැමතියි කියන ශලනි කියන්නේ කහ පාට ඇඳුම් වලට ඇයගේ ඇඟේ පැහැය වැඩි කරලා පෙනනවා කියල තමන්ට හිතෙනවා කියලයි. ඒ වගේම ඇග කෙට්ටු කාලෙට සුදු පාටට හුරු ඇඳුම් තෝරගන්නවා කියන ඇය කියන්නේ කළුපාට ඇඳුම් වලට ඇග ටිකක් කෙට්ටුවට පේන නිසා, ඇඟ මහත කාලෙට තදපාට එහෙමත් නැත්නම් කළු පාට ඇඳුම් විලාසිතා වැඩිපුර මම තෝරා ගන්නවා කියලයි.

 

ඒ වගේම විලාසිතා කියන මාතෘකාව ඇතුළෙම තියෙන්නෙම අනුකරණය බව පෙන්වා දෙන ඇය කියන්නේ කවුරු හරි කරන විලාසිතාවක් දැකලා තමයි තවත් කෙනෙක් ඒවා තෝරා ගන්නේ කියලයි. ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඇය වැඩිදුරටත් කියන්නේ විශේෂයෙන්ම මෝස්තර නිරූපණය වැනි විෂයයක් ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේත් විලාසිතා ලෝකයට හඳුන්වා දීම නිසාවෙන් කියලයි.

 

 

ඒ නිසා දකින විලාසිතාවක් තමන්ට ගැලපෙන විදිහට කරන එක වැරද්දක් නැහැ කියන ඇය කියන්නේ පෞද්ගලික ජීවිතයේදී ඇය ඇයට ගැළපෙන විදිහට සරලව පහසුව අඳින්න පුළුවන් ඇඳුම් තෝරා ගන්නවා කියලයි. කොහොමහරි ඉතින් රඟපෑම් කටයුතු වල දී නම් චරිතයට ගැළපෙන විදිහට විලාසිතා කරනවා කියන ඇය කියන්නේ ඒ හැරෙන්න විලාසිතාවලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න කොයි වෙලාවක වත් තමන් උත්සාහ කරන්නෙ නැහැ කියලයි.

 

ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ ශරීරයේ උස ශරීරයේ මහත, සමේ පාට, වයස වගේම සහභාගි වන තැන අනුවත් විලාසිතා තෝරා ගත යුතුයි කියලයි. ඒ විතරක් නොවෙයි එහෙම නැතුව කවුරුත් කරපු පලියට විලාසිතා නොකළ යුතුයි කියල කියන ඇය කියන්නේ නිළියක් ඇඳන් හිටපු පලියට, පත්තරේක මැගසින් එකක තිබුණු පලියට, ඩමියක අදලා තිබුණු පලියට ගොඩක් වෙලාවට බොහෝ විලාසිතා අපිට ගැලපෙන්නේ නැහැ කියලයි. ඒ නිසා මුදලක් වියදම් කරලා කරන විලාසිතාවක් ගැන දෙවරක් සිතිය යුතුයි කියලයි ඇය කියල තිබුනේ.

 

 

views

2870 Views

Comments

arrow-up