"එයා දැන් මාත් එක්ක මුකුත් කරන් නෑ. එයාට ඕනි නැත්තම් මට මොකද කියල ඉන්නවා ඉතින්" - නතාශා පෙරේරා (PHOTOS)

'සුළඟක් වී මං යනවා' ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්... ඒ වගේම රංගන ශිල්පිනියක්.
එදාටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ රුවැත්තිය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
මේ තියෙන්නෙ නතාශා මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ කළ සංවාදයක කොටසක්...
නතාශාට වාසනාව ගෙනාව, සුළඟක් වී මං යනවා...?
ඒක සින්ග් කරලා අවුරුදු විස්සක් දැන්. ඇත්තටම හිතුවේ නෑ මෙච්චර ජනප්‍රිය වෙයි කියලා. ලොකු බලාපොරොත්තු ඩ්‍රිම්ස් තිබුණේ නැහැ. අප්පච්චි කොහොමද කියන නමින් තමයි හැමෝම දන්නේ.. එඩ්වඩ් මාමාව මතක් කරනවා...
ශිහාන් මිහිරංගට ආසයි කියලා ආරංචි..?
ඕ මයි ගෝඩ්... කවුද නැත්තේ.. එතකොට මං චූටි... මට තාම මතකයි. බිග් ෆෑන්... ඩයි හාර්ඩ්... එයත් එක්ක සිංදුවක් කරන්න ආසයි.. මම එයාගේ සිංදු ඇහුවා. එයාට ආසාවෙන් හිටියා. ඒක විතරයි කළේ..
හස්බන් ගැන..?
බිස්නස් එකක් එහෙම කරගෙන ඉන්නවා. එයා අලුත් සිංදුවක් කියන්න ඉන්නෙ. නමුත් එයා දැන් මාත් එක්ක මුකුත් කරන් නෑ. එයාට ඕනි නැත්තම් මට මොකද කියල ඉන්නවා ඉතින්...
ඔස්ට්‍රේලියාව හිටපු නතාශා..?
මට හොඳට උයන්න පුළුවන්.. අනිත් අය කියනවා කියන්නෙ පිළිගන්න පුළුවන්නේ. ඒ රටේ ගියාමත් තනියම කරන්න පුරුදු වෙනවා. ඒක හරි ෂෝක්...
10103 Views
Comments