පොහොර සම්බන්ධව පැමිණිලි කරන්න තවත් දුරකථන අංක දෙකක්

ගොවීන්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට තවත් දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.
ගොවි ජනතාවට යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් තවම ලැබී නැති බවටත්, යූරියා ඇතුළු අනෙකුත් පොහොර ලබා ගැනීමේ දී ඇති වන ගැටලු පිළිබඳවත් නිරන්තරයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොහොර සහනාධාර වවුචර් පත් සම්බන්ධ ගැටලු විමසීමට 071 76 49 054 යන දුරකථන අංකය ඇමතිය හැකි අතර පොහොර පිළිබඳ විමසීමට 077 34 97 565 යන දුරකථන අංකය ඇමතිය හැකිය.
406 Views
Comments