සා පෙළ අද සිට ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

සා පෙළ අද සිට ඇරඹෙයි

සා පෙළ අද සිට ඇරඹෙයි

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වේ.

 

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 කදී අපේක්ෂකයින් 472,553ක් මෙවර විභාගයට පෙනී සිටී.

 

මේ අතර විභාගය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත් නම් 0112784208, 0112784537, 0112785922 සහ 0112786616 යන දුරකථන අංකයන් ඇමතීමෙන් වැඩි තොරතරු ලබා ගැනීමේ හැකියාව පවතී.

 

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ද විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ යොදවා ඇති බව පොලිසිය පවසයි.

 

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු සැළසුම්කර තිබේ.

 

අදින් ආරම්භවන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

views

302 Views

Comments

arrow-up