චීනය වැනි ප්‍රභල රටක් තරහ කරගන්නවාට වඩා හිඟ මුදල් ගෙවන එක ලාභයි – ජොන්ස්ටන්

චීනය වැනි ප්‍රභල රටක් අමනාප කරගන්නවාට වඩා බාල පොහොර නැවට අදාල මුදල ගෙවා දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීම වාසිදායක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ, මහනුවරදී පසුගිය (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් .
අසූචී නැවකට මුදල් ගෙවූ බව පවසමින් විවේචන එල්ල කිරීම පහසු වුවත් ප්‍රභල රටක් අමනාප කර ගැනීම ඊට වඩා අවාසිදායක බව තේරුම් ගතව යුතු යැයි පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවශ්‍යම මොහොතක ඩොලර් බිලියන 1.5ක් පලමුව මෙරටට ලබා දුන්නේ චීනය බවත් චීනය අමනාප කර ගැනීම රටල් ලෙස මෙරටට විශාල පාඩුවක් බවයි.
670 Views
Comments