IMF හරහා ආණ්ඩුවට බලාපොරොත්තු විය හැක්කේ විශාල ජනතා කැලඹීමක් පමණයි - වාසුදේව නානායක්කාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුවට බලාපොරොත්තු විය හැක්කේ විශාල මහජන කැළඹීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මීට පෙර ඉන්දියාවෙන් ද රුපියල් බිලියන 03ක ණය මුදලක් ලැබුණු අතර එම ණය මුදල දැනටමත් භාවිතා කර අවසන් බවයි.
ඉන්දියාවෙන් ලැබුණ ණය මුදලට සාපේක්ෂව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ කොන්දේසි පනවමින් බවත් එම කොන්දේසි බොහෝ දුෂ්කර බවත් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
එම නිසා ආණ්ඩුවට ලැබෙනු ඇත්තේ විශාල ජනතා කැලඹීමක් පමණක් බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.
231 Views
Comments