පුලුවන්නම් එන්න මං එක්ක තරගෙට වැඩ කරන්න - සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

පුලුවන්නම් එන්න මං එක්ක තරගෙට වැඩ කරන්න - සජිත්

පුලුවන්නම් එන්න මං එක්ක තරගෙට වැඩ කරන්න - සජිත්

විවිධ පාර්ශ්ව සමග හවුල් ආණ්ඩු පිහිටුවීමක් තමන් කිසිසේත් සිදුනොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

දඹුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර ඇත.

 

"එක එක ලොක්කොයි කියන පුද්ගලයෝ දැන් ලොකු වින්දනයක් ලබාගෙන ඇඳුම් මහනවා.. ජනාධිපතිකමට. ජනාධිපති වෙන්න සූට් මහන අයගෙන් මං අහන්න කැමතියි.. ඔබට සංවර්ධනයක් කිරීමේ හැකියාව තියෙනවාද? සේවයක් කිරීමේ හැකියාවක් තියෙනවා ද?"

 

"පුළුවන් නම් එන්න සජිත් ප්‍රේමදාසත් එක්ක තරගෙට වැඩ කරන්න. තරගෙට සේවය කරන්න. මම හුස්ම වැඩසටහන කරනකොට, මම සක්වල වැඩසටහන කරනකොට.. තමුන්නාන්සේලා මේ එක එක මාධ්‍ය සාකච්ඡාවලට ගිහිල්ලා පම්පෝරි කතා කියන්නේ නැතිව කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන්න."

 

"මම ඔප්පු කරන්නම්. මගේ ළඟ පච දේශපාලනය නෑ. කයිවාරු දේශපාලනය නෑ. මට තිබෙන එකම දේශපාලනය ජනතාවට සේවය කිරීමයි. මම සූදානම් නෑ.. අච්චාරු ආණ්ඩු පිහිටුවන්න. කැඳහැලි ආණ්ඩු පිහිටුවන්න."

views

608 Views

Comments

arrow-up