සුව ඇමති ගෙදර යාමට සැරසෙයි - ඉහලින් ආපු නියෝගයක්ලු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
25

සුව ඇමති ගෙදර යාමට සැරසෙයි - ඉහලින් ආපු නියෝගයක්ලු

සුව ඇමති ගෙදර යාමට සැරසෙයි - ඉහලින් ආපු නියෝගයක්ලු

සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

 

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 

“මට ලොකු චෝදනාවක් කරලා තිබුනා එය මාධ්‍ය හරහා ද ප්‍රචාරය වුවා, ඇමැතිවරයා පෞද්ගලිකව සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කරලා අමාත්‍යවරයාට අවශ්‍ය ලැස්තුවක් හැදුවා කියලා.

 

මම පැහැදිලිවම කියනවා ඔිනෑම අවස්ථාවක දේශපාලන ඇගිලිගැසීමක් කරලා මම මේ ලැස්තුව හැදුවා කියා ඔප්පු කළොත් මම හෙට දිනයේ ඉල්ලා අස්වන බව දෙවන දිනටත් අද ප්‍රකාශ කරනවා.

 

 එලෙස දේශපාලන බලපෑම් කරන සිරිතක් මට නැහැ. වෛද්‍ය සංගමයේ සාමාජිකයෙන් කියනවා ඉස්සර ඒ අමාත්‍යාංශවල කරලා ඇති මේ අමාත්‍යාංශයේ එහෙම බැහැ කියලා. මම ඉස්සර කළෙත් නැහැ. දැන් කරන්නෙත් නැහැ. යුක්ති සහගතව එම කටයුතු කරනවා මිසක් එවාට මැදිහත්වෙලා අපට ඔින විදිහට සිදු කරන්නේ නැහැ.

views

2660 Views

Comments

arrow-up