ඇමති වාසුගෙන් ආණ්ඩුවට රතු එළියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

ඇමති වාසුගෙන් ආණ්ඩුවට රතු එළියක්

ඇමති වාසුගෙන් ආණ්ඩුවට රතු එළියක්

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවතිය හොත් තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

 

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

 

 

"සාමුහික වගකීම තුළ අපට මතුවන ගැටලුවලට අපි විසඳුමක් සොයාගෙන යනවා. සාමුහික වගකීමකුත් තිබෙන්න ඕනේ. නමුත් සාමුහික වගකීම තුළ අපට මතුවන ගැටලුවක් වුණොත් ඒකටත් විසඳුමක් අපි සොයාගන්න ඕනේ. මේ පිළිබඳව තීන්දුවකට එළඹීමට නොහැකි වූ නිසා අපට අපේ අදහස් වෙනම ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා. ඡන්දය ප්‍රකාශකරන අවස්ථාවක් ආවෝත් පාර්ලිමේන්තුවෙදී අපේ ඡන්දය අද පාවිචච් කරන්නේ මේ අද ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ධවයි. අයවැය තුළ යුගදනවි තිබුණේ නැහැ. ඒක ඉදිරිපත් වුණාම ඒ ගැන අදහස සහ ඒ ගැන තීරණය අපි දෙන්නේ."

views

780 Views

Comments

arrow-up