“ජවිපෙ එක්ක එක්ව වැඩකළ හැකියි” - දයාසිරි

ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමඟ තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඊයේ(22) කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,
“වාමාංශික බලවේග සියලුදෙනාම එකතු කරගත යුතුයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා.
වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂත් එක්ක එකතුවෙලා අනාගතය ගොඩනගන්න ඉඩකඩ තියෙනවා.
සන්ධානගතව වැඩකරන්න අවශ්‍යනම් ඒ සඳහා අපිට හැකියාවක් තියෙනවා කියන එකයි මම ප්‍රකාශ කලේ.”
690 Views
Comments