“රාජපක්ෂලා අතුගාලා දාන්න පුළුවන් ජනසෙත පෙරමුණට විතරයි” - බත්තරමුල්ලේ සිල රතන හිමි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

“රාජපක්ෂලා අතුගාලා දාන්න පුළුවන් ජනසෙත පෙරමුණට විතරයි” - බත්තරමුල්ලේ සිල රතන හිමි

“රාජපක්ෂලා අතුගාලා දාන්න පුළුවන් ජනසෙත පෙරමුණට විතරයි” - බත්තරමුල්ලේ සිල රතන හිමි

“මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන විදියට අසුචි නැවට ගෙවන ඩොලර් ලක්ෂ 67ක මුදල සුළු ගානක්ද ඒක මේකගේ ගෙදරින් ගෙනත් දෙන සල්ලිද” යන්න ජනසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සිල රතන හිමියෝ ප්‍රශ්න කරති.

 

“ඩොලර් ලක්ෂ 67 අපේ රටට පොඩි මුදලක් අපේ රටට සල්ලි තියනවා, චිින අසුචි නැවට ගෙවන්න පුළුවන්” යැයි අමාත්‍යාවරයා පවසා තිබෙන බවත් බත්තරමුල්ලේ සිල රතන හිමියන් පැවැසුහ.

 

පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරිමේ රැස්විමකදි උන්වහන්සේ මේ බව කියා සිටියහ.

 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සිල රතන හිමියන්

 

“මේ සත්තු ,මේ සර්පයන් මොවුන් එලවලා මිසක් නිකම් ඉන්න එපා. අද දරුවන්ට කිරි පිටි ටිකක් ගේන්න විදිහක් නැහැ. ඩොලර් ලක්ෂ 67ක් අර අසුචි නැවට ගෙවන්න පුළුවන් කියනවා. මුන් රට හදන්න ආපු අය නෙවෙයි. රට විනාශ කරන්න ආපු අය. මේ රටේ සියළු සම්පත් විදේශීකයන්ට විකුණලා කනවා. විදේශ පුරවැසියන් ලංකාවට ඇවිල්ල රට පාලනය කරනවා. අපි දුන්නේ 69ක්. 70 ක් එහෙම දුන්නම් කොහොම තියෙයිද?”

 

“ගෝඨාභය වේවා, බැසිල්, මහින්ද නාමල් හෝ වේවා මුන්ට දැක්මක් නැහැ. මුන් පරම්පරා හතකට සල්ලි හම්බකරලා තියෙන්නේ. දැන් ජනතාව විකුණන්න ඔන්න මෙන්න. සියලුම දේශපාලන පක්ෂ ජාති කුල භේදයකින් තොරව එකතු වෙලා රාජපක්ෂලා මේ රටෙන් අතුගාල දාන්න ඕනි. ඒකට හැකියාවක් තියෙන්නේ ටැක්ටර් ලකුණ ඇති ජනසත පෙරමුණට විතරයි.” උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

views

805 Views

Comments

arrow-up