DEC
23
සීදුවේ වෙඩි තැබීමක්

සීදුව කොටුගොඩ පාරේ ගලිගංඑලිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් රද්දොළුව කොටුවල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් කාන්තාවක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඇගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබූ සැකකරුවන් සෙවීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
207 Views
Comments