Sri Lankan Catering හි සේවකයන්ටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

Sri Lankan Catering හි සේවකයන්ටත් කොරෝනා

Sri Lankan Catering හි සේවකයන්ටත් කොරෝනා

කටුනායක ප්‍රදේශයේ පිහිටි Sri Lankan කේටරින් ආයතනයේ සේවකයින් තිදෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා තහවුරු කළා.

 

එමෙන්ම මේ වන විට කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින පුද්ගලයන් දෙදෙනෙක් හටද Covid 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් මේ වන විට යාපනය දිස්ත්‍රික් මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

 

මීට අමතරව බියගම දහස් වෙළඳ කලාපය භූමියේ පිහිටි කර්මාන්තශාලා තුල සේවය කරන සේවකයින් 42 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

views

766 Views

Comments

arrow-up