ලේඛන වලට අනුව කොවිඩ් රෝගීන් ලක්ෂයට වැඩියි - නිල වාර්තා පරස්පරයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

ලේඛන වලට අනුව කොවිඩ් රෝගීන් ලක්ෂයට වැඩියි - නිල වාර්තා පරස්පරයි.

ලේඛන වලට අනුව කොවිඩ් රෝගීන් ලක්ෂයට වැඩියි - නිල වාර්තා පරස්පරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 18 වන දා නිකුත් කළ වාර්තාවේ මෙරට කොවිඩ් ආසාදිතයන් 96,439 ක් ලෙස දැක්වූවද රසායනාගාර නිල දත්ත වලට අනුව ආසාදිතයන් ගණන 103,640 ක් විය යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

 

රසායනාගාර වාර්තා වලට අනුව මෙරට තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත්තේ පසුගිය අප්‍රේල් 3 වන දා ය.

 

මාස අටක් වැනි කාලයක් තිස්සේ මෙලෙස සංඛ්‍යා ලේඛනවල පරස්පරතාවයක් ඇති නමුත් මේ වන තෙක් එය නිවැරදි කිරීමක් සිදුවී නැත.

 

මෙම පරස්පරතාව මගින් අමාත්‍යංශය තුළ ද වසංගතය පිළිබඳ සංඛ්‍යාත්මක දත්තයන් පිළිබඳ පටලැවිල්ලක් ඇති බවක් පෙන්නුම් කරන බව රවි කුමුදේශ් මහතා පවසයි. ඒ නිසා මම සංඛ්‍යාත මෙම සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කරන ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක් බවට පත්විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

views

576 Views

Comments

arrow-up