ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවාට ශ්‍රීලනිපය විරුද්ධයි

පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ සදහා තරග වැදීමට, 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබුණු තහනම, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කරනවා.
ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවල් පවාල ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව සදහා තේරී පත්වීමේ අවස්ථාව අහුරා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ, ලැබුණු ජනතා වරම උපයෝගී කර ගනිමින් සියල්ල උඩු යටිකුරු කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට එකඟවිය නොහැකි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මීට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ, 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ ද්විත්ව පුරවැසි බාධකය 20 වැනි සංශෝධනය මගින් තවදුරටත් තහවුරුකොට එම බාධකය රජයේ උසස් නිලධාරීන්ට ද පැනවිය යුතු බවයි.
657 Views
Comments