අනුර - ශානි ජනාධිපති කොමිසම හමුවට කැඳවීම අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

අනුර - ශානි ජනාධිපති කොමිසම හමුවට කැඳවීම අත්හිටුවයි

අනුර -  ශානි ජනාධිපති කොමිසම හමුවට කැඳවීම අත්හිටුවයි

අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොමිසම හමුවට කැඳවීම අත්හිටුවන බව දේශපාලන පළිගැනීම් පිළිබඳව  විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම අද අධිකරණය වෙත පොරොන්දු වී තිබෙනවා.

 

අනුර දිසානායක මහතා සහ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර ඇති පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සාමාජිකයන් මෙම දැනුම් දීම සිදුකර තිබේ.

 

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් අදාල ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අනුර දිසානායක මහතා, ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කර තිබිණි. අනුර දිසානායක මහතා සහ ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සම් ගොනු කරමින් ඉල්ලා සිටියේ අදාල සිතාසි බල රහිත කරන ලෙසයි.

 

මෙම පෙත්සම් සලකා බැලීම පිළිබඳ වැඩිදුර විභගාය සැප්තැම්බර් 29 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

 

views

769 Views

Comments

arrow-up