වන අලියෙක් 'කැළණියේ කථිකාචාර්යවරියක්ව' මරා දමයි

වන අලියෙකු පහරදීමෙන් යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරියක් 19 රාත්‍රියේ බරපතල තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය තාක්ෂණ පීඨය තුළ නවාතැන්ගෙන සිටි කථිකාචාර්යවරියකට අදාළ නවාතැන්පොළ ආසන්නයේදී කැලෑවක සිට එකවරම පැමිණ වන අලියා පහරදි ඇති බවටයි.
කැළණිමුල්ල, කැළණිය ප්‍රදේශයේ ස්ථිර පදිංචි ගයානි දිල්රුක්ෂි නමැති 32 හැවිරිදි කථිකාචාර්යවරියක් එලෙස වන අල් ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා.
තුවාලලත් කථිකාචාර්යවරිය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව,වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර අදාළ කථිකාචාර්යවරිය නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් මදක් එපිටට පැමිණි අවස්ථාවේදී වන අලියා පහරදිම සිදුව ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වනජිවි කාර්යාලය දැනුවත් කොට ඇති බවද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසුවා.
663 Views
Comments