අහසින් ගොස් වැටලූ වැලි ජාවාරම - වාහන සමඟ 56 ක් දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

අහසින් ගොස් වැටලූ වැලි ජාවාරම - වාහන සමඟ 56 ක් දැලේ

අහසින් ගොස් වැටලූ වැලි ජාවාරම - වාහන සමඟ 56 ක් දැලේ

මෙරට බුද්ධි අංශය විසින් කලක සිට එක් රැස් කළ තොරතුරු වලින් සහ කාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක බළකාය විසින් සිදුකරන ලද නිරීක්ෂණ වලින් පසුව ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාව එක්ව MI -17 හෙලිකොප්ටර් යානා යොදාගනිමින් සිදුකළ ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකින් කලක පටන් පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට සමත්ව තිබෙනවා.

 

කින්නියා පොලිස් වසමට අයත් කන්දල්කාඩු මනෙල්ආරු වන රක්ෂිතය විනාශ කරමිනුයි මෙම වැලි ජාවාරම සිදුකර දීර්ඝ කලක පටන් කරගෙන යමින් තිබුණේ. කෙසේ නමුත් මෙහිදී පුද්ගලයින් 56 දෙනෙකු සමග ට්‍රක් රථ 08 ක්, බෝට්ටු 34 ක්, යතුරුපැදි 30 ක්, ට්‍රැක්ටර් 13 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ කුඩා කණ්ඩායමක් සහ ගුවන් හමුදාවේ පැරශුට් විශේෂඥ කණ්ඩායමක් එක්ව ගුවනේ සිට අදාල ප්‍රදේශයට පැරෂුට් ආධාරයෙන් සහ කඹ වලින් ගොඩබැස මෙම මෙහෙයුම සිදුකර තිබුණා. අත්අඩංගුවට ගත් භාණ්ඩ ඇතුළු පුද්ගලයින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කින්නියා පොලිසියට භාරදී තිබෙනවා.

 

මෙම මෙහෙයුම සිදුකර තිබුණේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර මහතා සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙනුයි.

 

 

views

1895 Views

Comments

arrow-up