අයෝජකයන් නැතිව වේලෙන පෝර්ට් සිටිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

අයෝජකයන් නැතිව වේලෙන පෝර්ට් සිටිය

අයෝජකයන් නැතිව වේලෙන පෝර්ට් සිටිය

කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි ඇති ආයෝජන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති ඉඩම් කට්ටි 74න් කිසිදු ඉඩමක් මෙතෙක් විදේශ ආයෝජකයන් මිලදී ගෙන නැතැයි වාර්තා වේ.

 

ඉන් 06ක් පමණක් දේශීය ආයෝජන සමාගමක් මිලදී ගෙන ඇතත් ඔවුන් ද මේ දක්වා කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුකර නැත. 

 

මේ සඳහා ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ රට තුළ පවතින දේශපාලන අස්ථාවර බව සහ කොළඹ වරාය ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට එල්ල වන දේශපාලන බලපෑම් යැයි එම ව්‍යාපෘතියේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

මෙම තත්ත්වය මත කොළඹ නගර ව්‍යාපෘතියෙහි වැඩ අවසන්ව සංචාරකයන්ට එය විවෘතවීමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

 

මේ අතර කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සිදුකරන ආයෝජකයන් සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් අතිවිශේෂ ගැසට්පත්‍රයක් ඉකුත් 28 වැනිදා නිකුත්කර ඇත.

 

එම ගැසට් නිවේදනයට අනුව මෙහි ආයෝජන සඳහා අයැදුම් කරන ආයෝජකයන් ගෙන් මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 2,000 ක වාර්ෂික ගාස්තුවක් අයකිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

සෑම වසරකම මාර්තු 31 වැනිදායින් අවසන් වන මාස 12ක කාලසීමාවකට යටත්ව මෙම බලපත්‍රය නිකුත්කරනු ලැබේ.

views

205 Views

Comments

arrow-up