ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

කොරෝනා වසංගතයේ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී ඉන්ධන මිල ඉහළ නැංවීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ විෂය භාර අමාත්‍යවරයා අදාළ තීරණයේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුතු බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ දැඩි අවධානය මේ වන විට යොමුව ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
964 Views
Comments