අටලුගම රෝගය තිහාරියේත් - ජනතාව PCR මඟහරියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

අටලුගම රෝගය තිහාරියේත් - ජනතාව PCR මඟහරියි

අටලුගම රෝගය තිහාරියේත් - ජනතාව PCR මඟහරියි

ගම්පහ, නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ ජනතාව කොරෝනා වසංගතය මැඬලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත සහාය නොදක්වමින් සිටින බව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කරයි.

 

බොහොමයක් ජනතාව PCR පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බවටයි වාර්තා වන්නේ.

 

පසුගිය දින කිහිපය තුළ මෙම තත්ත්වය අටලුගම ප්‍රදේශයෙන්ද වාර්තා වුණා.

 

කොරෝනා මර්දනය වැඩපිළිවෙළේදී මෙලෙස ජනතාව සහාය නොදැක්වීම නිසා සෞඛ්‍ය අංශය දැඩි අසීරුතාවයකට මෙන්ම ජනතාවද ඉතා අවදානමකට පත්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා.

 

මේ නිසා සෞඛ්‍ය පරීක්ෂණවලදී ආරක්ෂක අංශ වල සහාය අපේක්ෂා කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ.

 

 

 

views

496 Views

Comments

arrow-up