බන්ධනාගාර ගැටුමට මුල්වූ මානසික ආබාධ සඳහා භාවිතා කරන පෙති 21,000ක් ගැන පරීක්ෂණ

මනෝ චිකිත්සක රෝගීන් සහ මානසික ආබාධ සඳහා භාවිතා කරන පෙති විශාල ප්‍රමාණයක් මහර බන්ධනාගාරයේ ගබඩා කර තැබීමට හේතුව සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මහර බන්ධනාගාරය තුළ ඉරිදා(29) කැරලි කෝලාහල ඇති වූ අතර, රැඳවියන් කිහිප දෙනෙකු මෙම ඖෂධ ලබාගැනීමෙන් ගැනීමෙන් පසු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව අනාවරණය විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන පරිදි මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍ය පෙති 21,000 ක් රැඳවියන් සඳහා භාවිතා කිරීම සඳහා බන්ධනාගාරවල ගබඩා කර ඇත
විමර්ශනය අතරතුර බන්ධනාගාර නිලධාරීන් මේ පිළිබඳ ප්‍රකාශ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
643 Views
Comments