අනියම් පෙම නිසා සැමියා ඝාතනය කල ග්‍රාම නිලධාරිනිය අල්ලන්න පරීක්‍ෂණ - ඝාතනයට හමුදා බුද්ධි අංශ 7 දෙනක් හවුල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

අනියම් පෙම නිසා සැමියා ඝාතනය කල ග්‍රාම නිලධාරිනිය අල්ලන්න පරීක්‍ෂණ - ඝාතනයට හමුදා බුද්ධි අංශ 7 දෙනක් හවුල්

අනියම් පෙම නිසා සැමියා ඝාතනය කල ග්‍රාම නිලධාරිනිය අල්ලන්න පරීක්‍ෂණ - ඝාතනයට හමුදා බුද්ධි අංශ 7 දෙනක් හවුල්

අනියම් සම්බන්ධයක් මුල්කර ගෙන ඇතිවූ ආරවුලක් හේතුවෙන් යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් පිරිසක් යොදා සිය සැමියා ඝාතනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් සහ හමුදා බුද්ධි අංශයේ සෙබළුන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ අරඹා ඇත.

 

 සැකකාර ග්‍රාම නිලධාරිනිය හමුදා කෝප්‍රල්වරයකු සමඟ පැවැති අනියම් ඇසුරක් මෙම ඝාතනයට හේතුවී තිබේ.

 

 මේ වන විට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර ප්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළුන් හත් දෙනකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය කියයි.

 

 ඉකුත් අගෝස්තු මස 14 වැනිදා මෙම අබිරහස් ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට ලක්ව තිබෙන්නේ අකිල නැමැති පුද්ගලයෙකි.

 

 ඝාතනයට ලක්වූ තැනැත්තා සිය යතුරුපැදියෙන් යමින් සිටියදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණි බව කියන හමුදා බුද්ධි අංශ සෙබළුන් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර සේදවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟට දමා ඇත.

 

 ඒ අනුව ග‍්‍රාම නිලධාරිනියගේ සැමියාගේ අත්පා එකට ගැට ගැසූ සිරුර මෝදර කාක දූපතට ඉකුත් 15 වැනිදා ගොඩ ගසා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

 

මට්ටක්කුලිය පොලිස් වසමේ රාජකාරි කරන ග්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර ප්‍රදේශයේ හමුදා කඳවුරක කෝප්‍රල්වරයකු සමඟ කලක පටන් අනියම් ඇසුරක් පවත්වා ඇති අතර එම සම්බන්ධය හෙළිවීමෙන් අනතුරුව ඔවුන් අතර නිතර නිතර ආරවුල් ඇතිවී තිබිණි.

 

  මෙම ග්‍රාම නිලධාරිනිය හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයා සමඟ එක්ව තම සැමියා ඝාතනය කිරීමට සැලසුමක් සකස් කර ඇති බව විමර්ශනවලින් හෙළිව තිබේ.

 

 ඝාතනය සඳහා කොළඹ උතුර ප්‍රදේශයේ හමුදා කඳවුරක බුද්ධි අංශ සෙබළුන් හත් දෙනෙකු යොදාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේද සහාය ඒ සඳහා ලැබී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

views

2659 Views

Comments

arrow-up