අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වග කිව නොහැකියි - විශේෂඥ වෛද්‍යවරු කොවිඩ් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වග කිව නොහැකියි - විශේෂඥ වෛද්‍යවරු කොවිඩ් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වග කිව නොහැකියි - විශේෂඥ වෛද්‍යවරු කොවිඩ් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

වසංගතය මර්ධනය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී සිදුවන ව්‍යසනයන්ට  තමාට වගකිව නොහැකි යැයි පවසමින් covid 19 රෝග මර්දන තාක්ෂණ කමිටුව නියෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබේ.

 

ඔහුගේ මෙම තීරණයට හේතුවී ඇත්තේ එන්නත්කරනය සහ රට වසා දැමීම පිළිබඳව තාක්ෂණික කමිටුව ලබාදෙන උපදෙස් සැලකිල්ලට නොගෙන රජය කටයුතු කිරීමයි.

 

එවන් පසුබිමක් තුළ තමා තවදුරටත් මෙම කමිටුවේ රැඳී සිටීම කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

 

ඉදිරියේ දී ඇති වීමට නියමිත දුර්විපාකයන්ට තමන්ටද කොටස්කරුවෙකු විය නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළ ඔහු තමාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

views

2617 Views

Comments

arrow-up