පුපුරා නොගිය බෝම්බයක් කිලිනොච්චියෙන් සොයා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
28

පුපුරා නොගිය බෝම්බයක් කිලිනොච්චියෙන් සොයා ගනී

පුපුරා නොගිය බෝම්බයක් කිලිනොච්චියෙන් සොයා ගනී

කිලිනොච්චි උරුතිපුරම් ශිවනගර් ප්‍රදේශයේ ගණදෙවි කෝවිලකට අයත් භූ ප්‍රදේශයක පිහිටි ඉඩමක තිබී පුපුරා නොගිය ජීව ගුවන් බෝම්බයක් ඊයේ (27) දිනයේ දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

 

ගණදෙවි කෝවිලට අයත් භූමිය ප්‍රදේශය ප්‍රදේශවාසීන් විසින් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එළි කිරීමට යාමේදීයි මෙම විශාල ගුවන් බෝම්බය හමු වී තිබුණේ.

 

පසුව ඔවුන් විසින් ආරක්ෂක අංශ දැනුවත් කර ඇති අතර එහිදී පොලීසිය පැමිණ එය සිය බාරයට ගෙන තිබුණා.

 

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයද ඇතිව එය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

මෙය පසුගිය යුද සමයේදී ගුවන් යානාවක් මගින් එම ප්‍රදේශයට හෙළන ලද බෝම්බයක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

views

873 Views

Comments

arrow-up