“හොඳ පුතෙක් මිස මැරයෙක් හදාගන්න මට අවශ්‍ය නෑ” - ඇමති ප්‍රසන්න රණවීර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

“හොඳ පුතෙක් මිස මැරයෙක් හදාගන්න මට අවශ්‍ය නෑ” - ඇමති ප්‍රසන්න රණවීර

“හොඳ පුතෙක් මිස මැරයෙක් හදාගන්න මට අවශ්‍ය නෑ” - ඇමති ප්‍රසන්න රණවීර

රටට වැඩදායක පුතෙකු හැදීමට මිස මැරයකු හදා සාමාජ ගත කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, කිරිබත්ගොඩ පහර දීමේ සිද්ධියේ දී තමා පුතා යැයි නොසිතා ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන් බවත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර  පැවසීය.

 

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් මෝටර් රථයකින් පැමිණ කිරිබත්ගොඩ දී උපකාර පන්තියක සිසුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

තම පුතා මේ සඳහා භාවිත කර ඇත්තේ තමාට අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති වාහනයක් බවත්, තමාට නොදන්වා රියදුරු සමග ඔහු එය රැගෙන ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.



මෙය ඉතාමත් වැරැදි ක්‍රියාවක් බවත්, එය තමා අනුමත නොකරන බවත් හෙතෙම සඳහන් කළේය. තම පුතා තවමත් 17 හැවිරිදි තරුණයකු බවත්, තරුණයන් තරුණයන් අතර මෙම ගැටුම හටගත්ත ද තමන් එම ක්‍රියාව අනුමත නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 

මෙම සිද්ධියේ පහර කෑමට ලක් වූ තරුණයන් ද තම පුතාට පහර දී ඇති බවත්, එසේ වුවත් තමන් එම දරුවන්ගේ මවුපියන්ට සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකළ බවත් ඔහු සඳහන්  කළේය.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ පහර දුන් බවට ප්‍රකාශ කර තිබුණ ද, තමාට කිසිදු ඩිෆෙන්ඩර් රථයක් නිකුත් කර නොමැති බවත්, තමන් නිකුත් කළ ගිනි අවිය ද මෙතෙක් ලබාගෙන නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

 

එක්තරා කාලෙක තමන් ද වැරැදි කළ බවත්, එසේ වුවද තමාගේ දරුවන් එසේ වැරැදී නොකළ යුතු බවත්, කී හෙතෙම හොඳ නරක කියා දී ඔවුන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජ ගත කිරීම තම එකම අරමුණ බව ද සඳහන් කළේය.

 

views

219 Views

Comments

arrow-up