විශේෂ ඩෙංගු මර්දන දිනයක් හෙට

හෙට දින විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටිනවා.
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නිරීක්ෂණය වන බැවින් මෙම පියවර ගත් බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව හෙට දින රජයේ සහ පෞද්ගලික ආයතනවල පැයක කාලයක් පරිසරය පිරිසිදු කළ යුතු බවටයි ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 43000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පසුගිය ජුනි මාසය තුළදී පමණක් රෝගීන් අටදාහකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.
219 Views
Comments