LPL පැමිණි ආසාදිතයන් තිදෙනෙකු පුද්ගලික රෝහලක හංගන් ප්‍රතිකාර කරද්දී මාට්ටු

එල්.පී.එල් තරඟාවලිය සඳහා මෙරටට පැමිණි ක්‍රීඩකයන් තිදෙනෙකුට කොවිඩ් වැළඳී තිබියදීත් කොළඹ පෞදගලික රෝහලක් ඔවුන්ව රෝහල්වලට නොයවා රහසේ ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී අද(22) සොයා ගෙන ඇත.
අද සොයා ගන්නා මොහොත වන විටත් දින දෙකක් කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයන් තිදෙනා පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩලය විසින් රෝහලේම රඳවා ගෙන සිට ඇතැයි හෙළි වී ඇත.
මෙම පිරිසට පාකිස්තාන් ක්‍රීඩකයෙකු, ඉන්දියන් ක්‍රීඩකයෙකු සහ ඉන්දියානු තාක්ෂණික නිලධාරියෙකු අයත් වේ.
රජය කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කර තිබියදී එය නොතකා කටයුතු කිරීම සම්බන්ධව කොවිඩ් මධ්‍යස්ථානයේ අවධානය යොමු වී ඇතැයි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
පසුගිය සතියේ දී එල්.පී.එල් තරඟාවලියට පැමිණි ක්‍රීඩකයෙකුට කොවිඩ් වැළඳී හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරිණි.අද සොයා ගත් තිදෙනාද රෝහල් ගත කිරීමට උපදෙස් දී ඇත.
-අැරුණ පුවත්පතින්..
905 Views
Comments