තෙල් සංස්ථාව වසා තිබියදීත් “ඕටී” ගත්ත යක්ක පුත්තු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

තෙල් සංස්ථාව වසා තිබියදීත් “ඕටී” ගත්ත යක්ක පුත්තු

තෙල් සංස්ථාව වසා තිබියදීත් “ඕටී” ගත්ත යක්ක පුත්තු

අවසන් වරට කළ තෙල් පිරිපහදු නඩත්තුවේදී කොවිඩ් වැලඳුණු සේවකයන්ට ගෙවූ අතිකාල දීමනා යළි අයකර ගැනීමට අමාත්‍ය කාංචන විජේසේකර උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා. 

 

ඒ ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකල විගණනයකින් අනතුරුවයි.



එක් සේවකයකුගේ වැටුපෙන් රුපියල් 50000ත්, 70000ත් අතර මුදලක් මේ මාසයේ වැටුපේ සිට අයකර ගැනීමට යෝජනා වී ඇති බවයි වාර්තා වෙන්නේ.



අවසන් වරට 2021 මුල් කාර්තුවේදී  මෙම නඩත්තුව සිදු කර ඇති අතර කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමත් සමග මෙම කාර්යට එක්වූ පිරිපහදු සේවකයන් 600 ක් කොවිඩ් වැලඳී රෝහල් ගතකර තිබුනා.



මෙහි නඩත්තු කටයුතු නිමවීමත් සමග කොවිඩ් වැලඳුණු අයටද මෙහිදී අතිකාල ගෙවීමට තීරණය කර තිබෙනවා.



සේවකයන් පවසන්නේ තමන් වැඩිපුර අතිකාල ලබා නොගත් බවත්, සේවය කළ කාලයට පමණක් වැටුප් ලබාගත් බවයි.



යම් හෙයකින් වැටුපෙන් අදාළ මුදල් කපා ගැනීමට පියවර ගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සේවකයන් කළමනාකාරීත්වයට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

views

231 Views

Comments

arrow-up