විශාලතම මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඉල්ලුමක්

රත්නපුරෙන් සොයාගත් විශාලතම මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය අමාත්‍යය ලොහාන් රත්වත්ත මහතා පැවසුවේය.
එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රත්වත්තේ මහතා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මැණික් පොකුරේ වටිනාකම ඉතාමත් ඉහළ අගයක පවතින බවද පැවසීය.
කෙසේ වුවද ලැබෙන ඉහලම වටිනාකමකට මෙම මැණික් පොකුර අලෙවි කරන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
834 Views
Comments