තවත් කොරෝනා මරණ 43ක් - සමස්ත මරණ 3120 දක්වා ඉහලට

පසුගිය 30 වනදා සිදුවූ තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් අද(01) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරොනා මරණ සංඛ්‍යාව 3120 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර ඉක්මන් ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් ඉහළ යා හැකි බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් ඉදිරි කාල සීමාව ඉතා අවදානම් විය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද අනතුරු ඇඟවා ඇති පසුබිමකයි.
838 Views
Comments