කොළඹ හුදෙකළා කර ඇති ප්‍රදේශවල රෝගීන් රැගෙන යාමට විශේෂ ගිලන් රථ සේවයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

කොළඹ හුදෙකළා කර ඇති ප්‍රදේශවල රෝගීන් රැගෙන යාමට විශේෂ ගිලන් රථ සේවයක්

කොළඹ හුදෙකළා කර ඇති ප්‍රදේශවල රෝගීන් රැගෙන යාමට විශේෂ ගිලන් රථ සේවයක්

කොළඹ අවට හුදෙකළා කර ඇති ප්‍රදේශවල අයෙකු රෝගී වුවහොත් ඒ සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. එම අංකය වන්නේ 0113422558 යි.

 

මේ අතර සඳුදා හෝ අඟහරුවාදා දින ඇතුලත පිටකොටුව මැනිං වෙළඳපොළ යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

 

මේ අතර මැනිං වෙළඳපොළ හා සම්බන්ධ වූ මෙතෙක් PCR පරීක්ෂණ සිදුකර නොමැති සියලු දෙනා එම පරීක්ෂාවන් සිදුකරගැනීම සඳහා 0718591551 අමතා පොලිසිය හා සම්බන්ධ විය හැකි බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

එසේම ඉදිරියේදී විවෘත කෙරෙන මැනිං වෙළඳපොළ භාණ්ඩ බෑම සහ පැටවීමේ කටයුතු සඳහා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එසේම PCR පරීක්ෂණ ඔස්සේ මෙතෙක් වාර්තා වූ කොරෝනා අසාදිත සියලු පොලිස් නිලධාරීන් නිරෝධායනය සඳහා යොමුකර ඇති නිලධාරීන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන්  ක ෙල්

views

666 Views

Comments

arrow-up