රියාජ් බදියුදීන් මුදාහැරීම ගැන කරුණු දැක්වීමට CID නිලධාරීන් අද නීතිපති කාර්යාලයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

රියාජ් බදියුදීන් මුදාහැරීම ගැන කරුණු දැක්වීමට CID නිලධාරීන් අද නීතිපති කාර්යාලයට

රියාජ් බදියුදීන් මුදාහැරීම ගැන කරුණු දැක්වීමට CID නිලධාරීන් අද නීතිපති කාර්යාලයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු සොයා බැලීම සඳහායි. ඒ අනුව, ඊට අදාළ සියළු විමර්ශන ගොනු සමගින් අද දිනයේ තමන් හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ අදාළ විමර්ශනයේ සියළු විමර්ශන ගොනු ද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවයි.

 

views

762 Views

Comments

arrow-up