PCR නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේ සුදානමක්

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් නොවන වෘත්තිකයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ හැකි බවට ලබාදී ඇති නියෝගය අහෝසි නොකරන්නේ නම් හෝ සුදුසුකම් නොමැති විවිධ පුද්ගලයින් යොදවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ දින 7ක් තුළ ඒ පිළිබද සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති බවයි.
858 Views
Comments