බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකුගේ නාසයෙන් බඹරුන් 11ක් ඉවත්කෙරේ

බඹර ප්‍රහාරයකින් පසු රෝහල්ගතකළ පුද්ගලයෙකුගේ නාසයෙන් ඹබරුන් 11 දෙනෙකු ඉවතට ගත් පුවතක් බදුල්ල මහ රෝහලෙන් වර්තාවනවා.
අදාළ පුද්ගලයා අද සවස ගලඋඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර ඒවා ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.
වෛද්‍යවරුන් තිදෙනෙකු හා හෙදියන් හයදෙනෙකු එක්ව පැය දෙකකට ආසන්න කාලයක් ඔහුගේ ශරීරය පුරා තිබු විෂ තුඩ දහස් ගණනක් ඉවත්කිරීමට සමත්ව තිබෙනවා.
ඔහු ගලඋඩ ප්‍රදේශයේ හාතාවාරිය කොළ කැඩීම සදහා කැලෑවකට ගිය අවස්ථාවේදි බඹර වදයක් ඇවිස්සීමෙන් මෙලෙස ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වෙයි
860 Views
Comments