“අනේ අපිට සමාවෙන්න, රට ඉවරයි, ආටෝප දාන් ආපු විරුවා රට විනාශ කළා” - සුසිල් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

“අනේ අපිට සමාවෙන්න, රට ඉවරයි, ආටෝප දාන් ආපු විරුවා රට විනාශ කළා” - සුසිල් (VIDEO)

“අනේ අපිට සමාවෙන්න, රට ඉවරයි, ආටෝප දාන් ආපු විරුවා රට විනාශ කළා” - සුසිල් (VIDEO)

මාධ්‍ය මගින් පුම්බනු ලැබූ විරුවා මේවන විට රටම විනාශය කරා ගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

 

ඔහු පවසන්නේ උගතුන් බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලු‍වට ලක් කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ බවයි.

 

ඒ සඳහා ජනාධිපතිවරයා ඍජුව වගකිව යුතු බවද ඔහු කියයි.

 

මෙවැනි ආකාරයෙන් සමස්ත බල කේන්ද්‍රය පවුලක් වටා ගොනු වූ වෙනත් අවස්ථාවක් පිළිබඳ තමා නොදන්නා බවත් ඔහු පෙන්වා දෙයි.

 

අද වන විට රට බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව පෙන්වාදෙන සුසිල් ප්‍රේමජයන්ත මහතා එවැනි පාලනයක් නිර්මාණය වීමට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බවත් පැවසුවේය.

 

සිදුවූ වරද නිවැරදි කිරීමට කළ හැකි සියලු‍ම කැපවීම් සිදුකරන බවත් පවසන සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉන්පසු දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බවත් පැවසීය.

 

 

views

869 Views

Comments

arrow-up