ගාලු මුවදොර පිටියට එන කිඹුල්⁣ලු අල්ලන මෙහෙයුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

ගාලු මුවදොර පිටියට එන කිඹුල්⁣ලු අල්ලන මෙහෙයුම

ගාලු මුවදොර පිටියට එන කිඹුල්⁣ලු අල්ලන මෙහෙයුම

කොළඹ අවට මුහුදු තීරයේ දක්නට ලැබුණු කිඹුලකු නිසා පසුගිය දිනවල වෙරළ තීරයේ ජනතාව සහ සංචාරකයන් භීතියට පත්ව ඇත.

 

මේ අතර ඉකුත් ජනවාරි තුන් වැනිදා රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තිමය කිමිදුම්කරුවෙක්ද දෙහිවල මුහුදු තීරයේදී අනපේක්ෂිත ලෙස කිඹුලකුට ගොදුරුවිය.


 
එම කිඹුලා අල්ලාගත නොහැකි වූ පසුබිමක ඉකුත් ඉරිදා ද කොළඹ ගාලු මුවදොර ආසන්න වෙරළ තීරයේ තවත් කිඹුලකු මෙලෙස දක්නට ලැබී ඇත.

 

මෙම තත්ත්වය හමුවේ වෙරළාශ්‍රිත ජනතාව මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ද භීතියට පත්ව සිටී.

 

මේ අනුව කොළඹ මුහුද තීරයේ සිටින කිඹුලන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

 

ඒ අනුව කිඹුලන් කොටුකර ගැනීමට ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක මෙලෙස උගුල් දෙකක් ඇටවීමට අද පියවරගෙන ඇත.

views

653 Views

Comments

arrow-up