ලක්ෂ 50ක අයිස් සමඟ අයෙක් STF අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

ලක්ෂ 50ක අයිස් සමඟ අයෙක් STF අත්අඩංගුවට

ලක්ෂ 50ක අයිස් සමඟ අයෙක් STF අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පාලවිය ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

 

බුද්ධි අංශයට ලද තොරතුරක් මත උපාය දූතයින් යොදවා මෙම මෙහෙයුම සිදුකර තිබේ.

 

පල්ලම මදවක්කුලම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් මෙම පනස් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 50ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඔහු සමඟ අත්අඩංගුවට ගැනුණා.

 

අදාළ සැකකරු කේරල ගංජා රත්රන් සහ තාරකා ඉබ්බන් ජාවාරම් වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

 

views

765 Views

Comments

arrow-up