බුද්ධි අංශ නිලධාරීන් 250ක් ගෝල්ෆෙස් අරගල බිමට බස්සයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

බුද්ධි අංශ නිලධාරීන් 250ක් ගෝල්ෆෙස් අරගල බිමට බස්සයි

බුද්ධි අංශ නිලධාරීන් 250ක් ගෝල්ෆෙස් අරගල බිමට බස්සයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ  ගාලු මුවදොර පැවත්වෙන දැවැන්ත මහජන උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා පසුගිය දින දෙක පුරා 250කට අධික බුද්ධි නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යංශය, බස්නාහිර බුද්ධි සේවය සහ නුගේගොඩ බුද්ධි ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් ඊට සම්බන්ධ කරගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස් කරන නුගේගොඩ බුද්ධි ඒකකයේ නිලධාරීන් 150කට අධික පිරිසක් මේ සඳහා සහභාගි කරවාගෙන ඇති බව සඳහන් වේ.

 

විශාල ජනකායක් පැමිණ සිටින බැවින් කැරළි පාලනය අදාළ නිල මුගුරු, හිස්වැසුම් ආදියෙන් සමන්විත පොලිස් බලඇණි ගණනාවක් ගල්කිස්ස, කැලණිය, නුගේගොඩ, කොළඹ උතුර, මීගමුව, කළුතර පානදුර යන කොට්ඨාසවලින්ද මෙම ස්ථානයට කැඳවනු ලැබ ඇති අතර මීට අමතරව වංචා විමර්ෂණ නිලධාරීන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද මෙම ස්ථනයට යොදවා ඇතැයි මෙම ආරංචි මාර්ග  තවදුරටක් සඳහන් කළේය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට  බලකරමින් තරුණ තරුණියන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිට අඛණ්ඩව තෙවැනි දිනයටත් කොළඹ ජනාධිපති ලේකම්  කාර්යාලය අසල උද්ඝෝෂණයක නියැළෙන අතර මේ උද්ඝෝෂණය සම්බන්ධව ඉහළ ජත්‍යාන්තර අවධානයක් යොමු වී තිබේ.

views

735 Views

Comments

arrow-up