සම්ප්‍රදාය කඩමින් ගෙන්වූ ලිට්‍රෝ ගෑස් නැවක් අතුරුදහන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

සම්ප්‍රදාය කඩමින් ගෙන්වූ ලිට්‍රෝ ගෑස් නැවක් අතුරුදහන්

සම්ප්‍රදාය කඩමින් ගෙන්වූ ලිට්‍රෝ ගෑස් නැවක් අතුරුදහන්

ලිට්‍රෝ ගෑස් සමාගම් විසින් ගෝලීය වෙලෙදපොල හරහා දීර්ඝ කාලින ටෙන්ඩර් මත සම්ප්‍රදායික ක්‍රමවේදය අභියෝගට ලක් කරමින් ගෝලිය වෙලෙදපොලින් ක්ෂනික මිලදි ගැනිමක් ලෙස ගෙන්වනු ලැබූ ගැස් නැවක් පසුගිය ඔක්තෝබර් මාසයේගී ගෙන්වා ගත් බව ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා මෑතකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් වෙත දන්වා තිබේ.

 

එම නෞකාව ගෙන්වීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව උදව් කල බවත් ඒ අනුව ලිට්‍රෝ සමාගමට විශාල ලාබයක් ලබාදීමට තමන්ට හැකි වූ බවත් තෙෂාර ජයසිංහ පසුගිය ඔක්තෝබර් මස 19 වෙනිදා ශ‍්‍රී ලංකා පොදුජන සභාපති සංසදය වෙත වට්සඅප් පණිවඩයක් මගින් දන්වා ඇත.

 

කෙසේ වුවත් වැඩිපුර ගැස් පිපිරිම් වාර්තා වන්නේද ඊට මාසයක් වත් යාමට පෙර වීම හේතුවෙන් මෙම ගැස් සම්බන්ධයෙන් අනිකුත් සභාපතිවරු ප්‍රශ්න කරමින් සිටී.

 

එමෙන්ම මෙම නෞකාව මෙතෙක් ශ‍්‍රි ලංකාවට නොලැබුණු බවත් සභාපතිවරුන් කියා සිටිති.

views

758 Views

Comments

arrow-up