ඉතිහාසයේ පළමු වරට ධවල මන්දිරය තෙමගුල සමරයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
28

ඉතිහාසයේ පළමු වරට ධවල මන්දිරය තෙමගුල සමරයි (PHOTOS)

ඉතිහාසයේ පළමු වරට ධවල මන්දිරය තෙමගුල සමරයි (PHOTOS)

ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ පළමුවරට බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් වෙසක් දින උත්සවයක් ධවල මන්දිරය තුළ පවත්වා තිබෙනවා.

 

පසුගිය 26 වනදා යෙදී තිබුණු වෙසක් පොහොය නිමිති කොටගෙන ඇමරිකානු ජනාධිපති ජෝබයිඩන් සහ ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් ධවල මන්දිරයේ දෙවෙනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ ථෙරවාදී මහායාන සහ වජ්ද්‍රාසන බෞද්ධ නිකායන්වල හිමිවරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.

 

 

එම අවස්ථාවට ථෙරවාදී බුදු දහම නියෝජනය කරමින් උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ දසහභාගි වී සිටියා.

 

එහිදී ඩග්ලස් කැම්බල් මහතා විසින් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ වෙසක් දින සුභ පණිවිඩය ප්‍රකාශයට පත්කල අතර උත්සවයට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා පහන් දල්වා ආගමික වතාවත් සිදු කළා.

 

 

ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවයට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සිය සුබ පැතුම් එක් කර තිබුණා. ඇමරිකානු රජය සමස්ත ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය තව මන්දිරය පැවැත්වීම ලෝකවාසී බෞද්ධ ජනතාව හට සිදු කළ ගෞරවයක් ලෙස සලකන බව අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.

 

 

views

1262 Views

Comments

arrow-up