පාර්ලිමේන්තුව ඉදිරිපිට බැනර් පුළුස්සා යකා නැටූ පිරිසට නීතිමය පියවර ගන්න - පොලිසියට උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

පාර්ලිමේන්තුව ඉදිරිපිට බැනර් පුළුස්සා යකා නැටූ පිරිසට නීතිමය පියවර ගන්න - පොලිසියට උපදෙස්

පාර්ලිමේන්තුව ඉදිරිපිට බැනර් පුළුස්සා යකා නැටූ පිරිසට නීතිමය පියවර ගන්න - පොලිසියට උපදෙස්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ආර්ථික කොමිෂන් සභා පනතට එරෙහිව පසුගිය 20 වනදා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වුණා.

 

එහිදී අදාල මන්ත්‍රීවරුන් වරාය නගර පනත ඉරා දමමින් ඒවා ගිනි තබන අයුරු දක්නට ලැබුණා.

 

කෙසේ නමුත් අද දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තලංගම පොලිසියට නියෝග කරමින් පවසා සිටියේ ඊයේ දිනයේ දී උද්ඝෝෂණය නිරත වූ සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම ඇතුළු මන්ත්‍රීවරුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි.

 

එසේම මෙය වාර්තා කළ මාධ්‍යවේදීන්ගේ සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් අදාළ පිරිස හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසද පොලීසියට අධිකරණය විසින් දන්වා සිටියා.

views

1069 Views

Comments

arrow-up