ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ලොක්කෝ දෙදෙනෙක් 22 වනදා ලංකාවට

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර රාජ්‍ය ලේකම්වරිය වූ වික්ටෝරියා නූලන්ට් සහ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ එලැඹෙන 22 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
එම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂයේ ප්‍රධානීන් ද, ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
මොවුන්ගේ මෙරට සංචාරයේදී මානව හිමිකම් සහ වගවීමේ කි‍්‍රයාවලිය සහ විදේශ ආයෝජන ගැන රජයේ බලධාරීන් සමග සාකච්ඡා කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
630 Views
Comments