වෛද්‍ය සභාවේ ගැටළුකාරී තත්ත්වයක් – GMOA

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඉදිරි සතිය ඇතුලත කටයුතු නොකලහොත් සැප්තැම්බර් මස 21 වැනිදායින් ආරම්භ වන සතිය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලද අතර, එම සතිය තුළ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් කැදවීමට ඊයේ දිනයේ රැස්වූ විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින් වේ…..
773 Views
Comments