තෙල් හිඟය අස්සේ කොළඹ යතුරුපැදි සවාරි

ප්‍රබල දේශපාලඥයෙකු මැදිහත්වී කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් යුත් යතුරුපැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටුවත්තේ සුමිත්ත හිමි ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ.
අධිබල එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි 300කට අධික සංඛ්‍යාවක් එක්කර ගෙන තිබු මෙම සවාරියට සුඛෝපභෝගි ජීප් රථ විශාල සංඛ්‍යාවක්ද ගමන් කරමින් තිබිණි.
මෙම සවාරිය කල්පිටියට හරහා ගමන් කරද්දි දළුව මංසන්දියෙදි කළු කොඩියක් ප්‍රදර්ශනය කරමින් එය නවතා මෙය සංවිධානයක කල සියලු දෙනාටම විරෝධය පලකරමින් මිගට්ටුවත්තේ සුමිත් හිමියෝ දොස් තබන්නට වූහ.
මෙම යතුරුපැදි සවාරියට පොලිස් පෙර ගමන් යතුරු පැදි ලබා දෙමින් ආරක්ෂාව සැපයූ අයුරුද දැක ගැනීමට හැකි විය.
655 Views
Comments