කතුන් වඳ කළේ යැයි වැඩ තහනම් කළ සාෆිට යළිත් වෛද්‍ය රැකියාව !

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර, මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇත.
අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සිදු කරන විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් එම නිර්දේශ සෞඛ්‍ය ලේකම්වරිය විසින් යොමුකළ යුතු වෙයි.
අරුණ_පුවත්පතින්...
663 Views
Comments