රංජන්ගේ නිවස සෝදිසි කිරීමට හේතුව මෙන්න

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කළා.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) දහවල් බලාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියයි.
රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) සම්බන්ධයෙන් මෙම පරීක්ෂා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
රජය අපහසුතාවයට පත්වන අන්දමේ මෙවන් සීඩී සහ දෘඩ තැටි එම නිවසේ තවදුරටත් සඟවා ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් සොදිසිකිරීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.
686 Views
Comments