විශාරද නන්දා මාලනියගේ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

විශාරද නන්දා මාලනියගේ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ

විශාරද නන්දා මාලනියගේ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කොට විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් පනවන ලද අත්හිටවූ සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ පහක දඩයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

 

ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් එම තීන්දුව ලබාදුන්නේය.

 

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දී තිබේ.

 

2005 වසරේදී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් ගායනා කරන ලද

”‍යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්”‍ යන ගීත සහ මහගමසේකරයන් විසින් රචනා කරන ලද ”‍ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ”‍ යන ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට පාදුක්ක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

views

752 Views

Comments

arrow-up