කොරෝනා දේහ මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශ වලම භූමිදානය කරන්න - ඉරණතිව් ජනතාව විරෝධයක

කොරෝනා වෛරස් ආසාදිත මෘතදේහ ඉරණතිව් දූපතේ භූමිදානය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව හෙට දිනයේ (03) දී දූපත් ජනතාව විරෝධතාවයක් පැවැත්වීමට සූදානම්ව සිටිනවා.
තිස් වසරක යුද්ධයෙන් පසු විවිධ දුක් ගැහැට හමුවේ ජීවත් වුණු එම ජනතාව 2017 වසරේ එම දූපතේ නැවත පදිංචියට ගොස් ඇත්තේ දුෂ්කරතා රැසක් හමුවේයි.
දූපතේ ජීවත් වෙන කිසිවෙකුටත් මේ වන විට කොරෝනා අවදානමක් නොමැති අතර රජය ගත් තීරණයට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි එම ජනතාව පවසන්නේ. මේ වන විට එම දූපතේ පවුල් 165ක් පදිංචිව සිටිනවා.
එම දූපත ආශ්‍රිත ජලය අඩු වැඩි වීම හේතුවෙන් වෛරසය ජලයට එක්වීමෙන් වෛරසය ආසාදනය වීමේ අවදානමක් පැවතිය හැකි බවට එම ජනතාව පෙන්වා දෙනවා.
කොරෝනා ආසාදිත සිරුර භූමිදානය කිරීමට බල කරන මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශය රටේ බොහෝ ස්ථානවල තිබියදී එම දූපතේ භූමිදානය කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් හෙට දිනයේ දී ඔවුන් සූදානමින් සිටින බවයි සඳහන් කරන්නේ.
මේ අතර මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලයටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව දූපත්වාසීන් පවසනවා.
766 Views
Comments