හෙදියගේ අත කපලා රන් මාලය කොල්ල කාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
04

හෙදියගේ අත කපලා රන් මාලය කොල්ල කාලා

 හෙදියගේ අත කපලා රන් මාලය කොල්ල කාලා

ගලපිටමඩ දුනුමාලේදී යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනකු හෙදි නිලධාරිනියකගේ අතක් කපා රූපියල් අනූ පන්දාහක් පමණ වටිනා රන් මාලයක් කඩාගෙන ගොස් ඇති බව ගලපිටමඩ පොලිසිය පැවසීය.

 

කිතලංගමුවේ පදිංචි ඇය වරකාපොල මහ රෝහලේ හෙද නිලධාරිනියකි.

 

ඇය රාජකාරියට යෑම සඳහා උදෑසන දුනුමාල බස් නැවතුමට යමින් සිටියදී නිට්ටඹුව දෙසින් යතුරුපැදියක පැමිණි තරුණයින් දෙදෙනකු ඇය පැළඳ සිටි රන් මාලය කැඩීමට සූදානම් වෙද්දී තිදෙනා අතර පොර බැදීමක් ද සිදුව ඇත.

 

පසුව එක් තරුණයකු අත තිබූ පිහියකින් ඇයගේ වම් අත කපා රන් මාලය කඩා ගෙන නිට්ටඹුව දෙසට යතුරුපැදියෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

 

පසුව ඇය ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.

 

මෙම රන්මාලය රුපියල් අනූදහසක් පමණ වටිනා බව පොලසිය පවසයි.

 

මෙම යතුරුපැදිකරුවන්ගේ වීඩියෝ දර්ශන අසල වෙළෙඳ සලක සී.සී.ටී.වී කැමරාවක සටහන්ව ඇති බවත් පොලිසිය පවසයි. ගලපිටමඩ පොලිස් ස්ථානාධිපති ජගත් කීර්ති මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වති.

views

1059 Views

Comments

arrow-up